මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුනේ අපේ fb page එකට කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරක් විදියට. "ජාව වලින් අපිට මොනවද කරන්න පුලුවන් ? website development, software engineer, android application මේව මොනවද ? ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ? job market ඒක කොහොමද ? ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?" Q: ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්? A: ජාවා කියන්නේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. java සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබනවා. මේ ලක්ෂණ නිසා java භාශාව යොදාගෙන සාමාන්‍ය පරිගණක සඳහා මෙන්ම, වෙබ් පිටු සහ ජංගම උපකරණ (mobile phones, tab) සඳහාද මෘදුකාංග නිපදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ නිපදවන මෘදුකාංග එකිනෙකට වෙනස් පරිගණක මෙගෙයුම් පද්ධති වලත් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. Java භාශාව ගැන ගැඹුරට ඉගෙන ගන්න තරමට එයින් කල හැකි දේවල් වල පරාසය වැඩි වෙනවා. නමුත් මේ දේවල් කරන්න java ගැන දැනුම විතරක්ම ලබාගෙන මදි. Q: website development, software engineer, android application මේව මොනවද ? A: Website development කියන්නේ අන්තර්ජාලයේ අපිට දකින්නට ලැබෙන වෙබ් පිටු...
Learn Java Programming From The Begining. Free Sinhala Java Tutorials And Lessons.