Skip to main content

Posts

Showing posts with the label java

Operators - 1 කොටස

Operators කියන්නෙ, වරකට යම්කිසි අගයන් (operands) එකක්, දෙකක් හෝ තුනක් මත විශේෂ ක්‍රියාවක් සිදුකර එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරිගනක භාශා තුල වෙන් කර ඇති සංඛේත විශේෂයකටයි. ජාවා පරිගනක භාශාව තුල මෙවැනි operators ප්‍රධාන වර්ග 6කට වෙන් කර දක්වා තියෙනව. Arithmetic Operators Relational Operators Logical Operators Bitwise Operators Assignment Operators Misc Operators Arithmetic Operators Arithmetic operators ගණිතමය සැකසුම් සිදු කිරීමට භාවිතා කරනව. A කියන int වර්ගයෙ විචල්‍යයේ 10 අගයද, B කියන int වර්ගයේ විචල්‍යයේ 4 කියන අගයද ගබඩා කර ඇති වැඩසටහනක් උදාහරණයකට ගමු. Operator විස්තරය උදාහරණය Operator Type + Addition - අගයන් 2ක එකතුව ලබා දෙයි. A + B මගින් 14 Binary - Subtraction - ලබාදෙන අගයන් 2ක, වම්පස අගයෙන් දකුණු පස අගය අඩු කර අන්තරය ලබාදෙයි. A - B මගින් 6 Binary * Multiplication - ලබා දෙන අගයන් 2ක් ගුණ කර ප්‍ර්තිඵලය ලබා දෙයි. A * B මගින් 40 Binary / Division - ලබාදෙන අගයන් 2ක, වම්පස අගය දකුණු පස අගයෙන් බෙදා ප්‍රතිඵලය ලබාදෙයි. A / B මගින් 2.5 Binary % Modulus - ලබා...

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක Java Development Kit (JDK) install කරන විදිය

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති කියන්නේ අද ලෝකයේ දියුණුම සහ වේගයෙන්ම දියුණු වන මෙහෙයුම් පද්ධතියි. ඒ වගේම ඒ සෑම මෙහෙයුම් පද්ධතියක්ම වාගේ නොමිලේ ලබාගන්නට හැකියාව තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක බාවිතා කරන්නන් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බවිත නොකරන්නේ, මේ මෙහෙයුම් පද්ධති තුල සමහර මෘදුකාංග ස්ථාපනය කිරීම වින්ඩෝස් පරිගණක වල තරම් පහසු නැති නිසායි. නමුත් ලෝකයේ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය බවට ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති පත්ව තිබෙනවා. එයට ප්‍රධානම හේතුවනම් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල ඇති කාර්යක්ෂමතාවයයි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයට Java Development Kit (JDK) ස්ථාපනය කර ගන්නා අයුරු මේ ලිපියෙන් කියල දෙන්නම්. (ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ආශ්‍රිතව ඇති වන ඕනෑම ගැටළුවක් Linux Warriors  community එකේ පොස්ට් කරන්න. ඔබට නිසැකවම පිළිතුරක් ලැබේවි) ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක Java install කරන විදිය මුලින්ම ඔබේ පරිගණකයේ processor architecture එක (32-bit, 64-bit) දැන ගමු. මේ සඳහා මුලින්ම ලිනක්ස් terminal එක open කරලා,  file /sbin/...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

ජාවා line by line...

කලින් පාඩමේ මම කිවුව වගේ ජාවා භාශාවේ ඊටම අනන්‍ය වූ වචන කිහිපයක් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ keywords කියලා. පහළින් දැක්වෙන්නේ ජාවා වලදී භාවිතා කරන සියලුම keywords ටිකයි. ඒ එක එක keyword වලින් සිදු වෙන්නේ මොනවද කියලා ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම්. abstract continue for new switch assert default goto package synchronized boolean do if private this break double implements protected throw byte else import public throws case enum instanceof return transient catch extends int short try char final interface static void class finally long strictfp volatile const float native super while අපි මේ වෙනකොට නිර්මාණය කරපු වැඩසටහනේදී නොදැනුවත්ව වුනත් මේ keywords වලින් 4ක් යොදාගෙන තිබෙනවා. ඒ, class, public, static, void කියන ඒවයි.  මේ කේතය හොඳින් අධ්‍යනය කරපු අයට කිසියම් විශේෂතා කිහිපයක් දකින්න ලැබෙන්න ඇති. මං එ මොනවද කියන එක එකින් එක විස්තර කරන්නම්.  මුලින්ම අපි ටයිප් කරපු code එක බලමු.  class MyFirstJavaProgramme{ public static void main(String args[]){ ...

මුල්ම ජාවා වැඩසටහන

කලින් පාඩමේදී අපි NetBeans install කර ගත්ත. ඒත් දැන්ම NetBeans වලින් වැඩ කරන්න මගේ අදහසක් නෑ. මොකද NetBeans tool එක ජාවා වල හරය ඉගෙන ගන්න ඒ තරම් උපකාරී වෙන්නේ නැති නිසා. තව ටික දවසකින් ඇයි මෙහෙම කිවුවේ කියලා ඔයාලටම තේරුම් යාවි. දැන් අපි අපේ මුල්ම ජාවා වැඩසටහන හදන්න පටන් ගමු. මේකට අපිට ඕන වෙනවා විශේෂ tool එකක් ;) බය වෙන්න එපා. Windows install කරනකොටම මේ tool එකත් අපේ පරිගණකයේ  install වෙනවා. ඒ Notepad එක. Notepad එක තියෙන තැන දන්නේ නැති අය Start --> All Programs --> Accessories --> Notepad කියන path එකෙන් ගිහින් නෝට් පෑඩ් එක open කර ගන්න. මේ තියෙන්නේ Notepad එක අපේ ජාවා වැඩසටහන නිර්මාණය කරන්න යන්නේ නෝට්පෑඩ් එක හරහා. ඒ නිසා මුලින්ම, නෝට්පෑඩ් එකේ File --> Save හරහා ගිහින් අපේ වැඩසටහන Save කර ගමු. හැබැයි ඒකත් මෙන්න මේ විදියටම කරන්න ඕනි. මෙන්න මේ විදියට Save dialog box එකේ වෙනස් වීම් සිද්ද වෙන්න ඕන. ඔයාගේ Desktop එකේ Java කියලා folder එකක් හදා ගන්න. දැන් Save dialog box එකෙන් ඒ Java folder එකට යන්න. ඊළඟට File Name කියන තැන filename.java කියලා නම දෙන්න (fil...

දැල් බෝංචි ;) - NetBeans

මුලින්ම මං හැමෝගෙන්ම සමාව ඉල්ලනව ඉක්මනටම ඊළඟ පාඩම ඉදිරිපත් කරන්න බැරි වුන එකට. පොඩි පොඩි වැඩ ගොඩකට හිර වුණු නිසයි මේ තරම් පරක්කු වුනේ. හරි, දැන් පාඩමට යමු..... මං විශ්වාස කරන විදියට ඕනෑම දෙයක් ඉගෙන ගන්න ක්‍රම 2ක් තියෙනවා. thoery පොත් කට පාඩම් කිරීම තනියම අත්හදා බැලීම පලවෙනි ක්‍රමය ලේසියි. ඒත් ඉගෙන ගන්න පුළුවන් තවත් කෙනෙක් පොත් ලියනකන්, වෙබ් පෝස්ට් දානකන් විතරයි. ඒත් දෙවෙනි ක්‍රමයේදී එහෙම සීමාවක් නෑ. නමුත් දෙවෙනි ක්‍රමය ගොඩාක් අමාරුයි. සමහර විට කරන හැමදේම අත ඇරලා දාන්නත් හිතෙන වෙලාවල් එනවා. ඒත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසල ඉස්සරහටම ගියොත් ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි තනියම අත්හදා බැලීම් කරමින් ඉගෙන ගැනීම. ජාවා වලදීත් මේ දේ මේ විදියටම බලපානවා. (අත්දැකීමෙන් කියන්නෙ) ඔයාලටත් ලේසියෙන්ම ජාවා භාෂාව තනියම ඉගෙන ගන්න පුළුවන් tool  එකක් ගැනයි අද මං කියලා දෙන්න යන්නේ. (ජාවා විතරක් නෙමෙයි. තවත් පරිගනක ක්‍රමලේඛ භාෂා ගණනාවක්ම මේ tool එකෙන් හසුරුවන්න පුළුවන්) මෙතනින්   NetBeans 7.4 Java SE edition එක බාගන්න. Download NetBeans IDE 7.4 NetBeans download වුනාට ප...

පළමු පාඩම (ජාවා ගැන හැඳින්වීමක්)

ජාවා පරිගනක භාශාවේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ජාවා පරිගනක භාෂාවෙන් ලියන ඕනෑම වැඩසටහනක් ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරවන්න හැකි වීම. අනිත් කාරණය තමයි ජාවා භාශාව ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම ලැබීම. ජාවා සමග භාහිරව පාවිච්චි කරන්න ලැබෙන තව ගොඩාක් ටූල්ස් පවා නොමිලේම ලබා ගන්න පුළුවන් අපිට. ජාවා භාශාවේ නිර්මාතෘ, ජේම්ස් ගොස්ලින් කියන පරිගනක විද්‍යාඥයා. මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Microsystems කියන ආයතනයට. නමුත් දැන් ජාවා අයිති Oracle කියන ආයතනයට. ජාවා භාශාව සම්බන්ධයෙන් සියලු කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්. දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්න පටන් ගන්නේ කියල. මේකට අපිට ඕන වෙනවා Java Development Kit එක. දැනට තියෙන අලුත්ම JDK සංස්කරණය JDK 7 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් බලමු ජාවා ඉන්ස්ටෝල් කරන හැටි(Windows මෙහෙයුම් පද්ධති වල)... ඩවුන්ලෝඩ් කරගත් Setup File එක(jdk-7u45-windows-i586.exe හෝ jdk-7u45-windows-x64.exe) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න. jdk7 install වුනාට පස්සේ අපිට ජාවා වලින් වැඩ පටන් ගන්නනම් තව පොඩි වැඩ ටිකක් තියෙ...

ප්‍රථම පෝස්ටුව (Java පාඩමක් නෙමෙයි)

ජාවා ක්‍රමලේක භාෂාව දැනට ලෝකයේ තිබෙන සුපිරිම පරිගනක භාෂා වල ඉහලම පෙළේ එකක්. මේ වෙනකොට ජාවා ඉගෙන ගන්න ගොඩක් පිරිස් පෙළඹෙමින් ඉන්න එක ලොකු සතුටක්. ජාවා ඉගෙන ගන්න ලෝකයේ මොන තරම් ක්‍රම තිබුනත්, තවමත් ලංකාවේ මේ වගේ උසස් තාක්ෂණයක් හදාරන්න තරම් පහසුකම් ඇති ආයතන තියෙන්නේ අතලොස්සක් විතරයි. ඒ වගේම සිංහල බසින් ජාවා ගැන ලියවුණු පොත් සහ වෙබ් පිටු ගණනද ඉතා අඩුයි. මේ හේතුව නිසා වගේම, මගේ ප්‍රියතම විශය, මං ඉගෙන ගත්ත දේ තවත් මේ ගැන උනන්දු වෙන කෙනෙකුට උගන්වන්න මගේ හිතේ තියෙන ආශාව නිසාම අද මේ බ්ලොග් එක ආරම්භ කරනවා. අද ඉදල ජාවා ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ බ්ලොග් අඩවියෙන් පොඩි හෝ අත්වැලක් ලබා ගන්න හැකි වුනොත් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්‌.