මුලින්ම මං හැමෝගෙන්ම සමාව ඉල්ලනව ඉක්මනටම ඊළඟ පාඩම ඉදිරිපත් කරන්න බැරි වුන එකට. පොඩි පොඩි වැඩ ගොඩකට හිර වුණු නිසයි මේ තරම් පරක්කු වුනේ. හරි, දැන් පාඩමට යමු..... මං විශ්වාස කරන විදියට ඕනෑම දෙයක් ඉගෙන ගන්න ක්‍රම 2ක් තියෙනවා. thoery පොත් කට පාඩම් කිරීම තනියම අත්හදා බැලීම පලවෙනි ක්‍රමය ලේසියි. ඒත් ඉගෙන ගන්න පුළුවන් තවත් කෙනෙක් පොත් ලියනකන්, වෙබ් පෝස්ට් දානකන් විතරයි. ඒත් දෙවෙනි ක්‍රමයේදී එහෙම සීමාවක් නෑ. නමුත් දෙවෙනි ක්‍රමය ගොඩාක් අමාරුයි. සමහර විට කරන හැමදේම අත ඇරලා දාන්නත් හිතෙන වෙලාවල් එනවා. ඒත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසල ඉස්සරහටම ගියොත් ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි තනියම අත්හදා බැලීම් කරමින් ඉගෙන ගැනීම. ජාවා වලදීත් මේ දේ මේ විදියටම බලපානවා. (අත්දැකීමෙන් කියන්නෙ) ඔයාලටත් ලේසියෙන්ම ජාවා භාෂාව තනියම ඉගෙන ගන්න පුළුවන් tool එකක් ගැනයි අද මං කියලා දෙන්න යන්නේ. (ජාවා විතරක් නෙමෙයි. තවත් පරිගනක ක්‍රමලේඛ භාෂා ගණනාවක්ම මේ tool එකෙන් හසුරුවන්න පුළුවන්) මෙතනින් NetBeans 7.4 Java SE edition එක බාගන්න. Download NetBeans IDE 7.4 NetBeans download වුනාට ප...
Learn Java Programming From The Begining. Free Sinhala Java Tutorials And Lessons.