Skip to main content

පළමු පාඩම (ජාවා ගැන හැඳින්වීමක්)

ජාවා පරිගනක භාශාවේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ජාවා පරිගනක භාෂාවෙන් ලියන ඕනෑම වැඩසටහනක් ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරවන්න හැකි වීම. අනිත් කාරණය තමයි ජාවා භාශාව ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම ලැබීම. ජාවා සමග භාහිරව පාවිච්චි කරන්න ලැබෙන තව ගොඩාක් ටූල්ස් පවා නොමිලේම ලබා ගන්න පුළුවන් අපිට.
ජාවා භාශාවේ නිර්මාතෘ, ජේම්ස් ගොස්ලින් කියන පරිගනක විද්‍යාඥයා. මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Microsystems කියන ආයතනයට. නමුත් දැන් ජාවා අයිති Oracle කියන ආයතනයට. ජාවා භාශාව සම්බන්ධයෙන් සියලු කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්.
දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්න පටන් ගන්නේ කියල. මේකට අපිට ඕන වෙනවා Java Development Kit එක. දැනට තියෙන අලුත්ම JDK සංස්කරණය JDK 7 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් බලමු ජාවා ඉන්ස්ටෝල් කරන හැටි(Windows මෙහෙයුම් පද්ධති වල)...
ඩවුන්ලෝඩ් කරගත් Setup File එක(jdk-7u45-windows-i586.exe හෝ jdk-7u45-windows-x64.exe) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න.
jdk7 install වුනාට පස්සේ අපිට ජාවා වලින් වැඩ පටන් ගන්නනම් තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න.
මේ සඳහා මුලින්ම ඔයා jdk install කරපු folder එකට යන්න. jdk default settings  වලට අනුව install කලානම් C:\Program Files\Java කියන folder එක ඇතුලේ jdk එක install වෙලා තියෙන්න ඕන. දැන් මේ folder එකේ තියෙන jdk1.7.x_xx වගේ නමකින් තියෙන folder එක ඇතුලේ තියෙන bin කියන folder එක ඇතුලට ගිහින් ඒ folder එකේ Path එක copy කර ගන්න.


හරි, දැන් මේ window එක close කරලා desktop එකේ Computer icon එකේ right click කරලා Properties click කරන්න.

එතකොට open වෙන window එකේ Advanced system settings වලට යන්න. ඒකෙ Advanced ටැබ් ඒකෙ Environment Variables... බට්න් එක click කරන්න.

දැන්, open වෙන වින්ඩොව් එකේ System Variables කියන list එකේ පහලින් තියෙන path කියන item එක select කරලා පහලින් තියෙන Edit button එක click කරන්න. දැන් open වෙන dialog box එකේ Variable value කියන field එකේ අන්තිමට semi-colon(;) එකක් type කරලා කලින් copy කර ගත්ත jdk bin folder එකේ path එක paste කරලා OK කරන්න.


හරි, දැන් ජාවා වලින් code කරන්න පුළුවන් තත්වෙට අපේ computer එක සූදානම් කරගෙන ඉවරයි.
අපි බලමු අපි හදා ගත්ත settings නිවැරිදිව වැඩ කරනවද කියල.
මේකට Command Prompt එක open කර ගන්න ඕන. Windows Key + R press කරලා cmd කියල type කරලා Enter key එක press කරන්න. මේ open වුනේ Command Prompt එකයි. ජාවා වලින් වැඩ කරනකොට cmd එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.


දැන් java කියල type කරලා enter key එක press කරන්න. අපේ වැඩේ සාර්ථකනම් මේ වගේ result එකක් ලැබෙන්න ඕන.


ඊට පස්සේ javac කියල type කරලා enter key එක press කරන්න. එතකොට මේ වගේ result එකක් එනවනම් අපි මුල් පියවර සාර්ථකව නිම කරලා.....!

'java' is not recognized as an internal or external command, operable program or batch file.
'javac' is not recognized as an internal or external command, operable program or batch file.
 මේ වගේ message එකක් එනවනම් ඉහත පියවර ටික නැවත මුල ඉඳල කරන්න.
මේ පියවර සාර්ථකනම් අපිට ජාවා වලින් code කරන්න පටන් ගන්න පුළුවන්.

Comments

Unknown said…
hntada pahadiliwa tyenwa mchan...gud luck digatama krapan.....
Anonymous said…
Not Bad.. Digatama karapan good luck..

Popular posts from this blog

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

JVM (Java Virtual Machine) ගැන මූලික අවබෝධයක්

ටික දවසකට පස්සේ ඔන්‍න‍ තවත් පාඩමක් අරන් ආවා. :) කලින් පාඩම අවසානයේදී මං කිවුව වගේම ජාවා වැඩසටහනක් පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නයි මේ සූදානම. මං හිතනවා මේ හැමෝම Operating System, එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන දේ දන්නවා කියල... උදාහරණයක් විදියට, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Mac OSX, Ubuntu, Solaris, Android වගේ නම් වලින් අපි අහල දැනගෙන තියෙන්නේ මෙහෙයුම් පද්ධති කිහිපයක්. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් පරිගනකයකදී ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ වගේමයි ඒවා තුල ක්‍රියාත්මක කල හැකි මෘදුකාංගත් එකිනෙකට වෙනස්. මේ නිසාම බොහොමයක් මෘදුකාංග නිපදවන්නන්ට සිදු වෙලා තියෙනවා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට සරිලන විදියට එකම මෘදුකාංගය වෙන වෙනම කේත කරන්නට. නමුත් ජාවා පරිගණක භාෂාව භාවිතයෙන් නිපදවන මෘදුකාංග වලට මේ ගැටළුව උත්ගත වෙන්නේ නැහැ! ජාවා මේ තරම් විශේෂ වෙන්න මේකත් එක් හේතුවක්. මුල් පාඩම් වලදී මං සඳහන් කල විදියට, පරිගණකයක් හඳුනන්නේ 1 සහ 0 පමණයි. හරියටම කිවුවොත් අදාල අවස්ථාවේදී පරිගණකයේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක තම...

Variables සහ Data Types (2 කොටස)

Variables සහ data types පිලිබඳ පළමු කොටසේදී ඉතාමත් සරල අකාරයෙන් පැහැදිලි කරන්න ගත්ත උත්සාහය සාර්ථක වුණා කියල මට හිතෙනවා. :) ඒ පෝස්ට් එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම බොහොම ස්තූතියි. මේ පාඩමේදී මම බලාපොරොත්තු වෙනවා Java වල මූලික data types කුඩා වැඩසටහන් කිහිපයක් මගින් ප්‍රායෝගිකව අත්හදා බලලා ඒවායේ හැසිරීම සහ භාවිතයන් පැහැදිලි කරලා දෙන්නට. මේ සඳහා  Variables සහ Data Types (1 කොටස) හොඳින් අධ්‍යනය කරලා තිබෙන එක වඩාත් පහසු වේවි. ඒ වගේම මම primitive data types 8ම විස්තර සහිතව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන නිසාම මෙම පාඩම 3වෙනි කොටසක් දක්වා ගෙන යන්නට සිදු වන බවත් මුලදීම කියන්න ඕන. class TestVar{ public static void main(String args[]){ byte b = 10; byte b1; b1 = 20; System.out.println("b = " + b); System.out.println("b1 = " + b1); } } මේ java code එක notepade එකට copy කරලා save කරලා, compile කරලා, run කරන්න. එතකොට cmd එකේ මේ වගේ ප්‍රතිපලයක් දිස්වේවි. දැන් අපි බලමු මේ ප්‍රතිපලය ල...