Skip to main content

Variables සහ Data Types (2 කොටස)

Variables සහ data types පිලිබඳ පළමු කොටසේදී ඉතාමත් සරල අකාරයෙන් පැහැදිලි කරන්න ගත්ත උත්සාහය සාර්ථක වුණා කියල මට හිතෙනවා. :) ඒ පෝස්ට් එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම බොහොම ස්තූතියි.
මේ පාඩමේදී මම බලාපොරොත්තු වෙනවා Java වල මූලික data types කුඩා වැඩසටහන් කිහිපයක් මගින් ප්‍රායෝගිකව අත්හදා බලලා ඒවායේ හැසිරීම සහ භාවිතයන් පැහැදිලි කරලා දෙන්නට. මේ සඳහා Variables සහ Data Types (1 කොටස) හොඳින් අධ්‍යනය කරලා තිබෙන එක වඩාත් පහසු වේවි.
ඒ වගේම මම primitive data types 8ම විස්තර සහිතව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන නිසාම මෙම පාඩම 3වෙනි කොටසක් දක්වා ගෙන යන්නට සිදු වන බවත් මුලදීම කියන්න ඕන.

class TestVar{
     public static void main(String args[]){
          byte b = 10;
          byte b1;
          b1 = 20;        
          System.out.println("b = " + b);
          System.out.println("b1 = " + b1);
     }
}

මේ java code එක notepade එකට copy කරලා save කරලා, compile කරලා, run කරන්න. එතකොට cmd එකේ මේ වගේ ප්‍රතිපලයක් දිස්වේවි.



දැන් අපි බලමු මේ ප්‍රතිපලය ලැබුනේ කොහොමද කියල. අපි දැනටමත් දන්නා විදියට code එකේ මුල් පේලි 2න් සිදු කරලා තියෙන්නේ TestVar නමින් class එකක් සෑදීම සහ main method එක හඳුන්වා දීමයි. 3න් වන පෙලියෙදී byte වර්ගයේ variable එකක් declare කර එම පෙලියේදීම එය initialize(අගයක් ආදේශ) කර තිබෙනවා. 4වන පේලියෙදී b1 නමින් variable එකක් නිර්මාණය කර එය 5වන පේලියෙදී initialize කර තිබෙනවා. 6 සහ 7 පේලි 2දී එම variable 2කෙහි අගයන් cmd එකේ print කර තිබෙනවා.
මේ වැඩසටහනේ b සහ b1 variable දෙකේ type එක byte වෙනුවට short, int, long, float සහ double යොදා නැවත වැඩසටහන run කර බලන්න. ඒ වගේම විවිධ අගයන්ද ආදේශ කරමින් උතසාහ කරන්න. ඒ ඒ data  type  එකේ උපරිම සහ අවම අගයන්ගේ පරාසයට පිටත අගයන්ද ආදේශ කරලා ලැබෙන ප්‍රතිපල නිරීක්ෂණය කරන්න. බොහෝ විට ඒ ආකාරයෙන් අගයන යොදා වැඩසටහන compile කරනකොට errors එන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ errors හොඳින් අධ්‍යනය කරන්න. ඒ error එකට හේතුව මොකක්ද කියල හිතන්න. තනියම error එක හදා ගන්න උතසාහ කරන්න. බැරිම වුනොත් පහලින් comment එකක් දාන්න... නැතිනම් අපේ FB page එකේ හෝ JException Group එකේ පෝස්ට් එකක් දාන්න.
byte, short, int, long, float සහ double කියන්නේ සංඛ්‍යා ගබඩා කර ගන්න data types නිසා මේ types වල variables භාවිත කරලා අපේ ජාවා වැඩසටහන තුල ඕනෑම ගණිත කර්මයක් සිදු කරන්න පුළුවන්.

class TestVar2{
     public static void main(String args[]){
          int b = 10;
          int b1;
          b1 = 5;
          System.out.println("b = " + b);
          System.out.println("b1 = " + b1);

          int b2 = b + b1;
          System.out.println("b + b1 = " + b2);
         
          int b3 = b - b1;
          System.out.println("b - b1 = " + b3);
         
          int b4 = b * b1;
          System.out.println("b * b1 = " + b4);
         
          int b5 = b / b1;
          System.out.println("b / b1 = " + b5);
     }
} 

මේ code එක run කළාට පස්සේ මේ වගේ result එකක් ඔයාලට දැක ගන්න ලැබේවි.


මේ වැඩසටහනෙත් int වෙනුවට අනිත් data types යොදා නැවත නැවත වැඩසටහන ක්‍රියාත්මක කර බලන්න. විශේශයෙන්ම byte යොදා මේ වැඩසටහන ක්‍රියාත්මක කරවා බලන්න. මෙන්න මේ වගේ errors කිහිපයක් ඒවි. ඒ errors හොඳින් අධ්‍යනය කරන්න.


Variables සහ Data Types 3වන කොටසේදී මං ඒ ගැන පැහැදිලි කරන්නම්.

Comments

Popular posts from this blog

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

Variables සහ Data Types (3 කොටස)

Variables සහ Data Types පාඩමේ ඉතිරි කොටස අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  Variables සහ Data Types 2වන කොටස අවසන් කළේ data types භාවිතයේදී ඇති වන error කිහිපයකින්. අද අපි බලමු ඒ errors ඇති වන ආකාරය සහ ඒවා වලක්වා ගන්නා විදිය. මේ code එක compile කරලා බලන්න. class A { public static void main(String[] args) { byte b = 200; System.out.println(b); } } compile කරන විට පහත දැක්වෙන ආකාරයේ error එකක් ඒවි. හොඳින් බලන්න error එකේ කියල තියෙන්නේ මොකක්ද කියලා.  " A.java:3: error: possible loss of precision " කියලයි error  එක තියෙන්නේ. මේ කියන්නේ, A.java කියන ෆයිල් එකේ 3වන පේලියේ  possible loss of precision කියන   error එකක් තිබෙනවා කියලයි. ඊට යටින් ඒ error  එක ඇති වුන තැන පෙන්වනවා. ඊළඟ පේළියෙන්  අදාල error එක පිලිබඳ තවත් තොරතුරක් ලබා දෙනවා. required: byte - අවශ්‍ය කරන්නේ byte වර්ගයේ දත්තයක්. found:    int - හමුවූයේ int වර්ගයේ දත්තයක්. මේ error report එක තුල error එක ඇති වෙන්න හේතුව පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. Java ඉගෙන ...

මීට කලින් මේ පෝස්ට් එක දාන්න තිබුනේ.... :D

මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුනේ අපේ fb page එකට කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරක් විදියට.  "ජාව වලින් අපිට මොනවද කරන්න පුලුවන් ? website development, software engineer, android application මේව මොනවද ? ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ? job market ඒක කොහොමද ? ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?" Q: ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්? A: ජාවා කියන්නේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. java සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබනවා. මේ ලක්ෂණ නිසා java භාශාව යොදාගෙන සාමාන්‍ය පරිගණක සඳහා මෙන්ම, වෙබ් පිටු සහ ජංගම උපකරණ (mobile phones, tab) සඳහාද මෘදුකාංග නිපදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ නිපදවන මෘදුකාංග එකිනෙකට වෙනස් පරිගණක මෙගෙයුම් පද්ධති වලත් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. Java භාශාව ගැන ගැඹුරට ඉගෙන ගන්න තරමට එයින් කල හැකි දේවල් වල පරාසය වැඩි වෙනවා. නමුත් මේ දේවල් කරන්න java ගැන දැනුම විතරක්ම ලබාගෙන මදි. Q: website development, software engineer, android application මේව මොනවද ? A: Website development කියන්නේ අන්තර්ජාලයේ අපිට දකින්නට ලැබෙන වෙබ් පිටු...