Operators කියන්නෙ, වරකට යම්කිසි අගයන් (operands) එකක්, දෙකක් හෝ තුනක් මත විශේෂ ක්‍රියාවක් සිදුකර එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරිගනක භාශා තුල වෙන් කර ඇති සංඛේත විශේෂයකටයි. ජාවා පරිගනක භාශාව තුල මෙවැනි operators ප්‍රධාන වර්ග 6කට වෙන් කර දක්වා තියෙනව.
- Arithmetic Operators
- Relational Operators
- Logical Operators
- Bitwise Operators
- Assignment Operators
- Misc Operators
Arithmetic Operators
Arithmetic operators ගණිතමය සැකසුම් සිදු කිරීමට භාවිතා කරනව.
A කියන int වර්ගයෙ විචල්‍යයේ 10 අගයද, B කියන int වර්ගයේ විචල්‍යයේ 4 කියන අගයද ගබඩා කර ඇති වැඩසටහනක් උදාහරණයකට ගමු.
මොකක්ද මේ Operator Type කියන්නෙ...
Operator Type වර්ග 3ක් තියෙනව.
- Unary - මේ වර්ගයෙ operators වරකට එක් අගයක් මත පමණක් ක්‍රියා කර අගයක් ලබාදෙයි.
- Binary - වරකට අගයන් 2ක අතර සැකසුම් සිදුකර අගයක් ලබාදෙන operators මෙ නමින හඳුන්වනව.
- Ternary - අගයන් 3ක් සමග එකවර ක්‍රියා කර පිළිතුරක් ලබාදෙන operators මේ නමින් හඳුන්වනව.
Relational Operators
Relational Operators මගින් අගයන් අතර සැසඳුම් සිදුකර boolean වර්ගයෙ (true හෝ false) අගයක් ලබාදෙයි.
A නම් විචල්‍යයේ 10 අගයද, B නම් විච්ල්‍යයේ 5 අගයද ඇත්නම්,
A නම් විචල්‍යයේ 10 අගයද, B නම් විච්ල්‍යයේ 5 අගයද ඇත්නම්,
Logical Operators
Logical Operators මගින් boolean වර්ගයේ data අතර තාර්කික සැසඳුම සිදුකර boolean වර්ගයේම පිලිතුරක් ලබාදෙයි.
පරිගනක වැඩසටහන් නිර්මාණයේදී මූලික වශයෙන් දැනගත යුතු තාර්කික ක්‍රම 4ක් තිබෙනව.
- AND
- OR
- NOT
- XOR
AND තාර්කිකය & සලකුණ මගින් නිරූපනය කරනව. සංසන්දනය කරන අගයන් 2කම සත්‍යනම් පමණක් ප්‍රතිඵලයද සත්‍ය වේ.
OR තාර්කිකය | සලකුණින් නිරූපනය කරන අතර ලබාදෙන අගයන් 2ක සසඳා, ඉන් එක් අගයක් හෝ සත්‍යනම් ප්‍රතිඵලය සත්‍ය ලෙස ලබාදෙයි. අගයන් 2කම අසත්‍යනම් පමනක් ප්‍රතිඵලය අසත්‍ය වේ.
NOT තාර්කිකය ! සලකුණ මගින් නිරූපනය කරනව. ලබාදෙන අගයේ ප්‍රතිවිරුද්ධ boolean අගය ලබාදෙයි.
XOR තාර්කිකය මගින්, ලබාදෙන අගයන් සසඳා එම අගයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අගයන්නම් පමණක් සත්‍යයැයි ප්‍රතිඵලය ලබාදෙයි. මෙම තාර්කිකය ^ සලකුණින් නිරූපනය කරනු ලබයි.
පහත වගුවෙන් මෙම තාර්කික ක්‍රම මගින් A සහ B නම් අගයන් 2ක වෙත ඒ ඒ අවස්තා වලදී ලබාදෙන අගයන් දක්වා ඇත.
A නම් විචල්‍යයේ true අගයද, B නම් විච්ල්‍යයේ false අගයද ඇත්නම්,
Bit-wise Operators, Assignment Operators සහ Misc Operators පිළිබඳව මීලග පාඩමින් කියා දෙන්නම්.
Comments