Skip to main content

ප්‍රථම පෝස්ටුව (Java පාඩමක් නෙමෙයි)

ජාවා ක්‍රමලේක භාෂාව දැනට ලෝකයේ තිබෙන සුපිරිම පරිගනක භාෂා වල ඉහලම පෙළේ එකක්. මේ වෙනකොට ජාවා ඉගෙන ගන්න ගොඩක් පිරිස් පෙළඹෙමින් ඉන්න එක ලොකු සතුටක්. ජාවා ඉගෙන ගන්න ලෝකයේ මොන තරම් ක්‍රම තිබුනත්, තවමත් ලංකාවේ මේ වගේ උසස් තාක්ෂණයක් හදාරන්න තරම් පහසුකම් ඇති ආයතන තියෙන්නේ අතලොස්සක් විතරයි. ඒ වගේම සිංහල බසින් ජාවා ගැන ලියවුණු පොත් සහ වෙබ් පිටු ගණනද ඉතා අඩුයි.
මේ හේතුව නිසා වගේම, මගේ ප්‍රියතම විශය, මං ඉගෙන ගත්ත දේ තවත් මේ ගැන උනන්දු වෙන කෙනෙකුට උගන්වන්න මගේ හිතේ තියෙන ආශාව නිසාම අද මේ බ්ලොග් එක ආරම්භ කරනවා.
අද ඉදල ජාවා ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ බ්ලොග් අඩවියෙන් පොඩි හෝ අත්වැලක් ලබා ගන්න හැකි වුනොත් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්‌.

Comments

Unknown said…
එල එල.. පින් සිද්ද වෙන වැඩක්.... (Y) :)

Popular posts from this blog

Variables සහ Data Types (3 කොටස)

Variables සහ Data Types පාඩමේ ඉතිරි කොටස අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  Variables සහ Data Types 2වන කොටස අවසන් කළේ data types භාවිතයේදී ඇති වන error කිහිපයකින්. අද අපි බලමු ඒ errors ඇති වන ආකාරය සහ ඒවා වලක්වා ගන්නා විදිය. මේ code එක compile කරලා බලන්න. class A { public static void main(String[] args) { byte b = 200; System.out.println(b); } } compile කරන විට පහත දැක්වෙන ආකාරයේ error එකක් ඒවි. හොඳින් බලන්න error එකේ කියල තියෙන්නේ මොකක්ද කියලා.  " A.java:3: error: possible loss of precision " කියලයි error  එක තියෙන්නේ. මේ කියන්නේ, A.java කියන ෆයිල් එකේ 3වන පේලියේ  possible loss of precision කියන   error එකක් තිබෙනවා කියලයි. ඊට යටින් ඒ error  එක ඇති වුන තැන පෙන්වනවා. ඊළඟ පේළියෙන්  අදාල error එක පිලිබඳ තවත් තොරතුරක් ලබා දෙනවා. required: byte - අවශ්‍ය කරන්නේ byte වර්ගයේ දත්තයක්. found:    int - හමුවූයේ int වර්ගයේ දත්තයක්. මේ error report එක තුල error එක ඇති වෙන්න හේතුව පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. Java ඉගෙන ...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

පළමු පාඩම (ජාවා ගැන හැඳින්වීමක්)

ජාවා පරිගනක භාශාවේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ජාවා පරිගනක භාෂාවෙන් ලියන ඕනෑම වැඩසටහනක් ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරවන්න හැකි වීම. අනිත් කාරණය තමයි ජාවා භාශාව ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම ලැබීම. ජාවා සමග භාහිරව පාවිච්චි කරන්න ලැබෙන තව ගොඩාක් ටූල්ස් පවා නොමිලේම ලබා ගන්න පුළුවන් අපිට. ජාවා භාශාවේ නිර්මාතෘ, ජේම්ස් ගොස්ලින් කියන පරිගනක විද්‍යාඥයා. මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Microsystems කියන ආයතනයට. නමුත් දැන් ජාවා අයිති Oracle කියන ආයතනයට. ජාවා භාශාව සම්බන්ධයෙන් සියලු කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්. දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්න පටන් ගන්නේ කියල. මේකට අපිට ඕන වෙනවා Java Development Kit එක. දැනට තියෙන අලුත්ම JDK සංස්කරණය JDK 7 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් බලමු ජාවා ඉන්ස්ටෝල් කරන හැටි(Windows මෙහෙයුම් පද්ධති වල)... ඩවුන්ලෝඩ් කරගත් Setup File එක(jdk-7u45-windows-i586.exe හෝ jdk-7u45-windows-x64.exe) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න. jdk7 install වුනාට පස්සේ අපිට ජාවා වලින් වැඩ පටන් ගන්නනම් තව පොඩි වැඩ ටිකක් තියෙ...