Skip to main content

ප්‍රථම පෝස්ටුව (Java පාඩමක් නෙමෙයි)

ජාවා ක්‍රමලේක භාෂාව දැනට ලෝකයේ තිබෙන සුපිරිම පරිගනක භාෂා වල ඉහලම පෙළේ එකක්. මේ වෙනකොට ජාවා ඉගෙන ගන්න ගොඩක් පිරිස් පෙළඹෙමින් ඉන්න එක ලොකු සතුටක්. ජාවා ඉගෙන ගන්න ලෝකයේ මොන තරම් ක්‍රම තිබුනත්, තවමත් ලංකාවේ මේ වගේ උසස් තාක්ෂණයක් හදාරන්න තරම් පහසුකම් ඇති ආයතන තියෙන්නේ අතලොස්සක් විතරයි. ඒ වගේම සිංහල බසින් ජාවා ගැන ලියවුණු පොත් සහ වෙබ් පිටු ගණනද ඉතා අඩුයි.
මේ හේතුව නිසා වගේම, මගේ ප්‍රියතම විශය, මං ඉගෙන ගත්ත දේ තවත් මේ ගැන උනන්දු වෙන කෙනෙකුට උගන්වන්න මගේ හිතේ තියෙන ආශාව නිසාම අද මේ බ්ලොග් එක ආරම්භ කරනවා.
අද ඉදල ජාවා ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ බ්ලොග් අඩවියෙන් පොඩි හෝ අත්වැලක් ලබා ගන්න හැකි වුනොත් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්‌.

Comments

Unknown said…
එල එල.. පින් සිද්ද වෙන වැඩක්.... (Y) :)

Popular posts from this blog

JVM (Java Virtual Machine) ගැන මූලික අවබෝධයක්

ටික දවසකට පස්සේ ඔන්‍න‍ තවත් පාඩමක් අරන් ආවා. :) කලින් පාඩම අවසානයේදී මං කිවුව වගේම ජාවා වැඩසටහනක් පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නයි මේ සූදානම. මං හිතනවා මේ හැමෝම Operating System, එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන දේ දන්නවා කියල... උදාහරණයක් විදියට, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Mac OSX, Ubuntu, Solaris, Android වගේ නම් වලින් අපි අහල දැනගෙන තියෙන්නේ මෙහෙයුම් පද්ධති කිහිපයක්. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් පරිගනකයකදී ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ වගේමයි ඒවා තුල ක්‍රියාත්මක කල හැකි මෘදුකාංගත් එකිනෙකට වෙනස්. මේ නිසාම බොහොමයක් මෘදුකාංග නිපදවන්නන්ට සිදු වෙලා තියෙනවා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට සරිලන විදියට එකම මෘදුකාංගය වෙන වෙනම කේත කරන්නට. නමුත් ජාවා පරිගණක භාෂාව භාවිතයෙන් නිපදවන මෘදුකාංග වලට මේ ගැටළුව උත්ගත වෙන්නේ නැහැ! ජාවා මේ තරම් විශේෂ වෙන්න මේකත් එක් හේතුවක්. මුල් පාඩම් වලදී මං සඳහන් කල විදියට, පරිගණකයක් හඳුනන්නේ 1 සහ 0 පමණයි. හරියටම කිවුවොත් අදාල අවස්ථාවේදී පරිගණකයේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක තම...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

Variables සහ Data Types (3 කොටස)

Variables සහ Data Types පාඩමේ ඉතිරි කොටස අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  Variables සහ Data Types 2වන කොටස අවසන් කළේ data types භාවිතයේදී ඇති වන error කිහිපයකින්. අද අපි බලමු ඒ errors ඇති වන ආකාරය සහ ඒවා වලක්වා ගන්නා විදිය. මේ code එක compile කරලා බලන්න. class A { public static void main(String[] args) { byte b = 200; System.out.println(b); } } compile කරන විට පහත දැක්වෙන ආකාරයේ error එකක් ඒවි. හොඳින් බලන්න error එකේ කියල තියෙන්නේ මොකක්ද කියලා.  " A.java:3: error: possible loss of precision " කියලයි error  එක තියෙන්නේ. මේ කියන්නේ, A.java කියන ෆයිල් එකේ 3වන පේලියේ  possible loss of precision කියන   error එකක් තිබෙනවා කියලයි. ඊට යටින් ඒ error  එක ඇති වුන තැන පෙන්වනවා. ඊළඟ පේළියෙන්  අදාල error එක පිලිබඳ තවත් තොරතුරක් ලබා දෙනවා. required: byte - අවශ්‍ය කරන්නේ byte වර්ගයේ දත්තයක්. found:    int - හමුවූයේ int වර්ගයේ දත්තයක්. මේ error report එක තුල error එක ඇති වෙන්න හේතුව පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. Java ඉගෙන ...