Skip to main content

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක Java Development Kit (JDK) install කරන විදිය

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති කියන්නේ අද ලෝකයේ දියුණුම සහ වේගයෙන්ම දියුණු වන මෙහෙයුම් පද්ධතියි. ඒ වගේම ඒ සෑම මෙහෙයුම් පද්ධතියක්ම වාගේ නොමිලේ ලබාගන්නට හැකියාව තිබෙනවා.
නමුත් බොහොමයක් පරිගණක බාවිතා කරන්නන් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බවිත නොකරන්නේ, මේ මෙහෙයුම් පද්ධති තුල සමහර මෘදුකාංග ස්ථාපනය කිරීම වින්ඩෝස් පරිගණක වල තරම් පහසු නැති නිසායි. නමුත් ලෝකයේ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය බවට ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති පත්ව තිබෙනවා. එයට ප්‍රධානම හේතුවනම් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල ඇති කාර්යක්ෂමතාවයයි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයට Java Development Kit (JDK) ස්ථාපනය කර ගන්නා අයුරු මේ ලිපියෙන් කියල දෙන්නම්. (ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ආශ්‍රිතව ඇති වන ඕනෑම ගැටළුවක් Linux Warriors community එකේ පොස්ට් කරන්න. ඔබට නිසැකවම පිළිතුරක් ලැබේවි)

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක Java install කරන විදිය

  1. මුලින්ම ඔබේ පරිගණකයේ processor architecture එක (32-bit, 64-bit) දැන ගමු. මේ සඳහා මුලින්ම ලිනක්ස් terminal එක open කරලා, 
    • file /sbin/init කියලා type කරලා enter කරන්න.
    • දැන් terminal එකේ දැක්වෙන තොරතුරු අනුව පරිගණකයේ bit අගය දැනගන්න.
  2. දැන් මේ link එක හරහා ගිහින් ලිනක්ස් සඳහා Oracle Java JDK ෆයිල් එක download කර ගන්න (file name එක අගට .tar.gz කියල තියෙනවා). මතක ඇතුව අපි කලින් පියවරේදී හොයා ගත්ත bit අගයට අදාළ ෆයිල් එක download කර ගන්න.
    • Download the Oracle Java JDK for Linux
    • වැදගත් -: 64-bit පරිගණක සඳහා ඇති JDK ගොනුව 32-bit පරිගණක මත install කිරීමට නොහැකියි. ඒ නිසා නිවැරිදි file එක තෝරාගෙන download කරගන්න.
  3. දැන් download කරගත් file එකේ ඇති දේවල් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ /usr/local/ කියන directory එකට copy කර ගන්න ඕන. ඒ සඳහා,
    • මුලින්ම download කරගත් file එක ඇති තැනට terminal එක හරහා පිවිසෙන්න.
      • cd /path/to/downloaded/file
    • දැන් මේ file එක copy කර ගමු.
      • sudo cp -r jdk-file-name.tar.gz /usr/local/  කියල terminal එකේ ටයිප් කරලා enter කරන්න. (මෙතැන් පටන් jdk-file-name.tar.gz සඳහන් සෑම තැනකදීම ඒ වෙනුවට download කර ගත් file එකේ නම ලබා දෙන්න.)
    • copy වීම අවසන් වුනාට පස්සේ,
      • cd /usr/local/ කියල ටයිප් කරලා file එක copy කරගත් තැනට යමු.
  4. .tar.gz කියල extension එක තියෙන file එක compressed file එකක්. දැන් ඒ file එක තුල තියෙන දේවල් extract කර ගන්න අවශ්‍යයි.
    • sudo tar xvzf jdk-file-name.tar.gz කියල terminal එකේ ටයිප් කරලා enter කරන්න. 
    • File එක ඇතුලේ තිබෙන file සියල්ල /usr/loca/jdk-1.x.x_xx වගේ නමකින් ඇති ෆෝල්ඩරයකට copy වේවි.
      • ls කියල terminal එකේ ටයිප් කරලා enter කරලා බලන්න ඒ විදියේ නමකින් folder එකක් තියනවද කියල.
  5. දැන් java වලට අදාලව පරිගණකයේ System Varibles සකසන්න ඕනි. මේ සඳහා ඔබේ පරිගණකයේ දැනට ඇති ඕනෑම text editor එකක් බාවිතයෙන් /etc/profile කියන file එක විවෘත කර ගන්න.
    • sudo gedit /etc/profile (gnome/unity DE පාවිච්චි කරන අයට) හෝ 
    • sudo kate /etc/profile (KDE පාවිච්චි කරන අයට) හෝ 
    • sudo nano /etc/profile
  6. ඒ file එකේ යටින්ම පහලින් දක්වල තියෙන පේලි ඇතුලත් කරන්න. file එකේ වෙන කිසිම වෙනස් කමක් කරන්න එපා. jdk1.x.x_xx කියන තැනට /usr/local/ folder එක ඇතුලේ අලුතින් හැදුන JDK folder එකේ නම ඇතුලත් කරන්න.
    • JAVA_HOME=/usr/local/jdk1.x.x_xx
      PATH=$PATH:$HOME/bin:$JAVA_HOME/bin
      export JAVA_HOME
      export PATH
  7. දැන් ඒ file එක save කරලා exit වෙන්න.
  8. ඊට පසු ලිනක්ස් පද්ධතියට දන්වන්න අවශ්‍යයි Oracle Java JDK/JRE තිබෙන තැන. මේ සඳහා පහත commands terminal එකේ enter කරන්න. jdk1.x.x_xx වෙනුවට /usr/local/ folder එක තුල ඇති java JDK folder එකේ නම යොදන්න.
    • sudo update-alternatives --install "/usr/bin/java" "java" "/usr/local/jdk1.x.x_xx/bin/java" 1
    • sudo update-alternatives --install "/usr/bin/javac" "javac" "/usr/local/jdk1.x.x_xx/bin/javac" 1
    • sudo update-alternatives --install "/usr/bin/javaws" "javaws" "/usr/local/jdk1.x.x_xx/bin/javaws" 1
  9. Oracle Java JDK/JRE පරිගණකයේ ප්‍රධාන JDK/JRE බවට හඳුන්වා දීමට පහත commands terminal එකේ enter කරන්න. (පරිගණකයේ JDK/JRE version කිහිපයක් වුනත් තිබෙන්නට හැකි නිසා)
    • sudo update-alternatives --set java /usr/local/jdk1.x.x_xx/bin/java
    • sudo update-alternatives --set javac /usr/local/jdk1.x.x_xx/bin/javac
    • sudo update-alternatives --set javaws /usr/local/jdk1.x.x_xx/bin/javaws
  10. පහත command එක enter කර පරිගණකයේ System Variables refresh කරන්න.
    • source /etc/profile
  11. දැන් JDK එක install කරලා අවසන්. සාර්ථකව install වෙලාද කියල බලන්න පහත command terminal එකේ enter කරලා බලන්න.
    • java -version
      • java version "1.8.0_20"
      • Java(TM) SE Runtime Environment (build 1.8.0_20-b26)
      • Java HotSpot(TM) 64-Bit Server VM (build 25.20-b23, mixed mode)
      • නිවැරිදිව install කිරීම සිදු කලානම් මේ වගේ text එකක් ලැබේවි.
    • javac -version
      • javac 1.8.0_20 
      • නිවැරිදිව install කිරීම සිදු කලානම් මේ වගේ text එකක් ලැබේවි.
මේ විදියේ result එකක් අවසානයේ ලැබෙන්නේ නැතිනම් හෝ කුමන ආකාරයේ හෝ ගැටළුවක් තිබෙනවානම් පහලින් comment කරන්න. නැතිනම් Facebook Page එකේ post එකක් දාන්න.

Comments

Popular posts from this blog

JVM (Java Virtual Machine) ගැන මූලික අවබෝධයක්

ටික දවසකට පස්සේ ඔන්‍න‍ තවත් පාඩමක් අරන් ආවා. :) කලින් පාඩම අවසානයේදී මං කිවුව වගේම ජාවා වැඩසටහනක් පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නයි මේ සූදානම. මං හිතනවා මේ හැමෝම Operating System, එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන දේ දන්නවා කියල... උදාහරණයක් විදියට, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Mac OSX, Ubuntu, Solaris, Android වගේ නම් වලින් අපි අහල දැනගෙන තියෙන්නේ මෙහෙයුම් පද්ධති කිහිපයක්. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් පරිගනකයකදී ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ වගේමයි ඒවා තුල ක්‍රියාත්මක කල හැකි මෘදුකාංගත් එකිනෙකට වෙනස්. මේ නිසාම බොහොමයක් මෘදුකාංග නිපදවන්නන්ට සිදු වෙලා තියෙනවා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට සරිලන විදියට එකම මෘදුකාංගය වෙන වෙනම කේත කරන්නට. නමුත් ජාවා පරිගණක භාෂාව භාවිතයෙන් නිපදවන මෘදුකාංග වලට මේ ගැටළුව උත්ගත වෙන්නේ නැහැ! ජාවා මේ තරම් විශේෂ වෙන්න මේකත් එක් හේතුවක්. මුල් පාඩම් වලදී මං සඳහන් කල විදියට, පරිගණකයක් හඳුනන්නේ 1 සහ 0 පමණයි. හරියටම කිවුවොත් අදාල අවස්ථාවේදී පරිගණකයේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක තම...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...