Skip to main content

දැල් බෝංචි ;) - NetBeans

මුලින්ම මං හැමෝගෙන්ම සමාව ඉල්ලනව ඉක්මනටම ඊළඟ පාඩම ඉදිරිපත් කරන්න බැරි වුන එකට. පොඩි පොඩි වැඩ ගොඩකට හිර වුණු නිසයි මේ තරම් පරක්කු වුනේ. හරි, දැන් පාඩමට යමු.....

මං විශ්වාස කරන විදියට ඕනෑම දෙයක් ඉගෙන ගන්න ක්‍රම 2ක් තියෙනවා.
  1. thoery පොත් කට පාඩම් කිරීම
  2. තනියම අත්හදා බැලීම
පලවෙනි ක්‍රමය ලේසියි. ඒත් ඉගෙන ගන්න පුළුවන් තවත් කෙනෙක් පොත් ලියනකන්, වෙබ් පෝස්ට් දානකන් විතරයි. ඒත් දෙවෙනි ක්‍රමයේදී එහෙම සීමාවක් නෑ. නමුත් දෙවෙනි ක්‍රමය ගොඩාක් අමාරුයි. සමහර විට කරන හැමදේම අත ඇරලා දාන්නත් හිතෙන වෙලාවල් එනවා. ඒත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසල ඉස්සරහටම ගියොත් ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි තනියම අත්හදා බැලීම් කරමින් ඉගෙන ගැනීම.
ජාවා වලදීත් මේ දේ මේ විදියටම බලපානවා. (අත්දැකීමෙන් කියන්නෙ) ඔයාලටත් ලේසියෙන්ම ජාවා භාෂාව තනියම ඉගෙන ගන්න පුළුවන් tool  එකක් ගැනයි අද මං කියලා දෙන්න යන්නේ. (ජාවා විතරක් නෙමෙයි. තවත් පරිගනක ක්‍රමලේඛ භාෂා ගණනාවක්ම මේ tool එකෙන් හසුරුවන්න පුළුවන්)
මෙතනින් NetBeans 7.4 Java SE edition එක බාගන්න.



NetBeans download වුනාට පස්සේ සාමාන්‍ය software එකක් install කරන විදියටම install කර ගන්න.(ප්‍රශ්නයක් වුනොත් comment එකක් දාන්න)
Install වුනාට පස්සේ Start --> All Programs  --> NetBeans --> NetBeans IDE 7.4 path එකෙන් ගිහින් NetBeans open කර ගන්න.


මුලින්ම විවෘත කලාම මේ වගේ වින්ඩොව් එකක් දිස්වේවි. මීට පස්සේ අපේ පාඩම් සහ අත්හදා බැලීම් බොහොමයක් මෙතන තමයි සිදු කරන්නේ.

Comments

Popular posts from this blog

Variables සහ Data Types (3 කොටස)

Variables සහ Data Types පාඩමේ ඉතිරි කොටස අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  Variables සහ Data Types 2වන කොටස අවසන් කළේ data types භාවිතයේදී ඇති වන error කිහිපයකින්. අද අපි බලමු ඒ errors ඇති වන ආකාරය සහ ඒවා වලක්වා ගන්නා විදිය. මේ code එක compile කරලා බලන්න. class A { public static void main(String[] args) { byte b = 200; System.out.println(b); } } compile කරන විට පහත දැක්වෙන ආකාරයේ error එකක් ඒවි. හොඳින් බලන්න error එකේ කියල තියෙන්නේ මොකක්ද කියලා.  " A.java:3: error: possible loss of precision " කියලයි error  එක තියෙන්නේ. මේ කියන්නේ, A.java කියන ෆයිල් එකේ 3වන පේලියේ  possible loss of precision කියන   error එකක් තිබෙනවා කියලයි. ඊට යටින් ඒ error  එක ඇති වුන තැන පෙන්වනවා. ඊළඟ පේළියෙන්  අදාල error එක පිලිබඳ තවත් තොරතුරක් ලබා දෙනවා. required: byte - අවශ්‍ය කරන්නේ byte වර්ගයේ දත්තයක්. found:    int - හමුවූයේ int වර්ගයේ දත්තයක්. මේ error report එක තුල error එක ඇති වෙන්න හේතුව පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. Java ඉගෙන ...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

මීට කලින් මේ පෝස්ට් එක දාන්න තිබුනේ.... :D

මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුනේ අපේ fb page එකට කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරක් විදියට.  "ජාව වලින් අපිට මොනවද කරන්න පුලුවන් ? website development, software engineer, android application මේව මොනවද ? ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ? job market ඒක කොහොමද ? ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?" Q: ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්? A: ජාවා කියන්නේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. java සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබනවා. මේ ලක්ෂණ නිසා java භාශාව යොදාගෙන සාමාන්‍ය පරිගණක සඳහා මෙන්ම, වෙබ් පිටු සහ ජංගම උපකරණ (mobile phones, tab) සඳහාද මෘදුකාංග නිපදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ නිපදවන මෘදුකාංග එකිනෙකට වෙනස් පරිගණක මෙගෙයුම් පද්ධති වලත් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. Java භාශාව ගැන ගැඹුරට ඉගෙන ගන්න තරමට එයින් කල හැකි දේවල් වල පරාසය වැඩි වෙනවා. නමුත් මේ දේවල් කරන්න java ගැන දැනුම විතරක්ම ලබාගෙන මදි. Q: website development, software engineer, android application මේව මොනවද ? A: Website development කියන්නේ අන්තර්ජාලයේ අපිට දකින්නට ලැබෙන වෙබ් පිටු...