Operators කියන්නෙ, වරකට යම්කිසි අගයන් (operands) එකක්, දෙකක් හෝ තුනක් මත විශේෂ ක්‍රියාවක් සිදුකර එයින් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරිගනක භාශා තුල වෙන් කර ඇති සංඛේත විශේෂයකටයි. ජාවා පරිගනක භාශාව තුල මෙවැනි operators ප්‍රධාන වර්ග 6කට වෙන් කර දක්වා තියෙනව. Arithmetic Operators Relational Operators Logical Operators Bitwise Operators Assignment Operators Misc Operators Arithmetic Operators Arithmetic operators ගණිතමය සැකසුම් සිදු කිරීමට භාවිතා කරනව. A කියන int වර්ගයෙ විචල්‍යයේ 10 අගයද, B කියන int වර්ගයේ විචල්‍යයේ 4 කියන අගයද ගබඩා කර ඇති වැඩසටහනක් උදාහරණයකට ගමු. Operator විස්තරය උදාහරණය Operator Type + Addition - අගයන් 2ක එකතුව ලබා දෙයි. A + B මගින් 14 Binary - Subtraction - ලබාදෙන අගයන් 2ක, වම්පස අගයෙන් දකුණු පස අගය අඩු කර අන්තරය ලබාදෙයි. A - B මගින් 6 Binary * Multiplication - ලබා දෙන අගයන් 2ක් ගුණ කර ප්‍ර්තිඵලය ලබා දෙයි. A * B මගින් 40 Binary / Division - ලබාදෙන අගයන් 2ක, වම්පස අගය දකුණු පස අගයෙන් බෙදා ප්‍රතිඵලය ලබාදෙයි. A / B මගින් 2.5 Binary % Modulus - ලබා...
ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති කියන්නේ අද ලෝකයේ දියුණුම සහ වේගයෙන්ම දියුණු වන මෙහෙයුම් පද්ධතියි. ඒ වගේම ඒ සෑම මෙහෙයුම් පද්ධතියක්ම වාගේ නොමිලේ ලබාගන්නට හැකියාව තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක බාවිතා කරන්නන් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බවිත නොකරන්නේ, මේ මෙහෙයුම් පද්ධති තුල සමහර මෘදුකාංග ස්ථාපනය කිරීම වින්ඩෝස් පරිගණක වල තරම් පහසු නැති නිසායි. නමුත් ලෝකයේ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය බවට ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති පත්ව තිබෙනවා. එයට ප්‍රධානම හේතුවනම් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල ඇති කාර්යක්ෂමතාවයයි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයට Java Development Kit (JDK) ස්ථාපනය කර ගන්නා අයුරු මේ ලිපියෙන් කියල දෙන්නම්. (ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ආශ්‍රිතව ඇති වන ඕනෑම ගැටළුවක් Linux Warriors community එකේ පොස්ට් කරන්න. ඔබට නිසැකවම පිළිතුරක් ලැබේවි) ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක Java install කරන විදිය මුලින්ම ඔබේ පරිගණකයේ processor architecture එක (32-bit, 64-bit) දැන ගමු. මේ සඳහා මුලින්ම ලිනක්ස් terminal එක open කරලා, file /sbin/...