Skip to main content

ජාවා line by line...

කලින් පාඩමේ මම කිවුව වගේ ජාවා භාශාවේ ඊටම අනන්‍ය වූ වචන කිහිපයක් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ keywords කියලා. පහළින් දැක්වෙන්නේ ජාවා වලදී භාවිතා කරන සියලුම keywords ටිකයි. ඒ එක එක keyword වලින් සිදු වෙන්නේ මොනවද කියලා ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම්.

abstractcontinuefornewswitch
assertdefaultgotopackagesynchronized
booleandoifprivatethis
breakdoubleimplementsprotectedthrow
byteelseimportpublicthrows
caseenuminstanceofreturntransient
catchextendsintshorttry
charfinalinterfacestaticvoid
classfinallylongstrictfpvolatile
constfloatnativesuperwhile

අපි මේ වෙනකොට නිර්මාණය කරපු වැඩසටහනේදී නොදැනුවත්ව වුනත් මේ keywords වලින් 4ක් යොදාගෙන තිබෙනවා. ඒ, class, public, static, void කියන ඒවයි. මේ කේතය හොඳින් අධ්‍යනය කරපු අයට කිසියම් විශේෂතා කිහිපයක් දකින්න ලැබෙන්න ඇති. මං එ මොනවද කියන එක එකින් එක විස්තර කරන්නම්. මුලින්ම අපි ටයිප් කරපු code එක බලමු. 
class MyFirstJavaProgramme{
     public static void main(String args[]){
          System.out.println("Hello, Java....");
     }
}
මේ code එක පැහැදිලි කරන්න කලින් අපි, ඕනෑම ජාවා කේතයක තිබෙන අනිවාර්ය සහ විශේෂ ලක්ෂණ කිහිපයක් ගැන අවධානය යොමු කරමු. වැඩසටහනක් compile  කිරීමේදී ඇතිවන errors වලින් වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ මේ සුළු, ඒත් වැදගත් කරුණු කිහිපය අමතක කිරීම nisaයි.
වරහන් භාවිතය

  • ජාවා කේතයේ එක් එක් සීමාවන් වෙන්කිරීමට සාමාන්‍ය වරහන් යුගල ( ), සඟල වරහන් යුගල { } සහ කොටු වරහන් යුගල  [ ] විශේෂ අවස්ථා වලදී යොදා ගැනෙනවා. 
  •  සම්පූර්ණ කේතයේ විවෘත කරන ලද එක් එක් වර්ගයේ වරහන් ප්‍රමාණයට සමානවම නියමිත ස්ථාන වලදී අදාළ වරහන් වැසීම අනිවාර්යයෙන් සිදු කල යුතු වෙනවා.
semi colon භාවිතය

  • ජාවා කේතයේ අපි ලබා දෙන සෑම විධානයක්ම අවසානයේ semi colon (;) යෙදීම අනිවාර්යයි.
ජාවා කේතයක් ක්‍රියාත්මක (execute) වෙන්නේ පේලියෙන් පේලියටයි (line by line).
මේ කරුණු හොඳින් මතකයේ තියන් නැවතත් code  එක බලමු.
පළමු පේලිය :-  class MyFirstJavaProgramme{ 
මෙම line එකේදී MyFirstJavaProgramme නමින් class එකක් පරිගණකයට හදුන්වා දෙනවා.
class?
මුල්ම පාඩමේදීම ජාවා භාශාවේ ගැඹුරටම පහදලා දෙන්න උත්සාහ කලොත් ආධුනිකයන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. දැනට class එකක් කියන්නෙ මොකක්ද කියලා වැඩි දුරට හිතන්න එපා. එහෙම දෙයක් ජාවා වල පවතිනවා කියන දේ විතරක් මතකයේ තියා ගන්න. ඉදිරි පාඩම් වලදී මේ ගැන ගැඹුරටම ඉගෙන ගමු.
line එක අවසානයේ තියෙන සඟල වරහනින් කියන්නෙ MyFirstJavaProgramme කියන class එකේ සීමාව මෙතනින් ආරම්භ වෙන බවයි. මෙම පේලිය ජාවා විධානයක් නෙමෙයි. ඒ නිසා පේලිය අවසානයේ semicolon එකක් යොදා නැහැ.
දෙවැනි පේලිය :- public static void main(String args[]){
මේ තියෙන්නේ main method එකයි. ජාවා වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොටම හොයාගෙන එන්නේ මෙන්න මේ පේළියයි. Line එක අවසානයේ තියෙන සඟල වරහනින් කියන්නෙ main method එකේ සීමාව එතනින් ආරම්භ වෙන බවයි. main method එකක් කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නයටත් දෙන්න තියෙන පිළිතුර class එක සම්බන්ධයෙන් ලබාදුන්නු පිළිතුරමයි.
මෙම පේලියත් ජාවා විධානයක් නෙමෙයි. ඒ නිසා පේලිය අවසානයේ semicolon එකක් යොදා නැහැ.
තෙවැනි පේලිය :-  System.out.println("Hello, Java....");
මේ තියෙන්නේ ජාවා විධානයක්. එහෙමත් නැත්නම් statement එකක්. මේ line එක execute වුනාට පස්සේ උඩු කොමා ඇතුලේ තියෙන Hello, Java.... කියන වචන කිහිපය cmd එකේ print වෙනවා.
System.out.println(); කියන විධානය භාවිතා කරමින්, එහි වරහන් ඇතුලත ලබා දෙන උඩු කොමා වලින් වෙන් කර දැක්වූ වචන, අකුරු, ඉලක්කම් හෝ සංකේත සහ උඩු කොමා වලින් වෙන් නොකරන ලද යම් විශේෂ සංකේත (variables/objects ඉදිරියේදී පැහැදිලි කරනු ලැබේ) cmd තිරයේ මුද්‍රණය කර දැක්වීමට අපිට පුළුවන්. මෙහි Hello, Java....  වෙනුවට ඔයාලට ඕනෑම වචනයක් හෝ කිහිපයක් යොදල වැඩසටහන compile කරලා run කරලා බලන්න.
සිව්වැනි පේලිය :- }
මේ line එකේ වැසුණු සඟල වරහනින් අදහස් කරන්නේ main method එකේ සීමාව එතනින් අවසන් කියන එකයි.
පස්වෙනි පේලිය :- }
මේ line එකේ වැසුණු සඟල වරහනින් අදහස් කරන්නේ class එකේ සීමාව එතනින් අවසන් කියන එකයි.

මෙතැනින් පසුව ක්‍රියාත්මක වීමට තවත් විධානයන් නොමැති නිසා වැඩසටහන නවතිනවා.
මෙන්න මේ විදියටයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා අපිට අවශ්‍ය ප්‍රතිපලය ලබා දෙන්නේ. නමුත් ජාවා වැඩසටහනක් මේ ආකාරයට පරිගණකයක් තුල ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉදිරි පාඩමකදී ඉගෙන ගමු.
නොතේරුණු, ගැටළු සහගත තැනක් තියෙනවනම් comment එකක් දාන්න. නැතිනම් fb හෝ g+ එකේ message එකක් එවන්න.

Comments

Popular posts from this blog

JVM (Java Virtual Machine) ගැන මූලික අවබෝධයක්

ටික දවසකට පස්සේ ඔන්‍න‍ තවත් පාඩමක් අරන් ආවා. :) කලින් පාඩම අවසානයේදී මං කිවුව වගේම ජාවා වැඩසටහනක් පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නයි මේ සූදානම. මං හිතනවා මේ හැමෝම Operating System, එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන දේ දන්නවා කියල... උදාහරණයක් විදියට, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Mac OSX, Ubuntu, Solaris, Android වගේ නම් වලින් අපි අහල දැනගෙන තියෙන්නේ මෙහෙයුම් පද්ධති කිහිපයක්. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් පරිගනකයකදී ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ වගේමයි ඒවා තුල ක්‍රියාත්මක කල හැකි මෘදුකාංගත් එකිනෙකට වෙනස්. මේ නිසාම බොහොමයක් මෘදුකාංග නිපදවන්නන්ට සිදු වෙලා තියෙනවා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට සරිලන විදියට එකම මෘදුකාංගය වෙන වෙනම කේත කරන්නට. නමුත් ජාවා පරිගණක භාෂාව භාවිතයෙන් නිපදවන මෘදුකාංග වලට මේ ගැටළුව උත්ගත වෙන්නේ නැහැ! ජාවා මේ තරම් විශේෂ වෙන්න මේකත් එක් හේතුවක්. මුල් පාඩම් වලදී මං සඳහන් කල විදියට, පරිගණකයක් හඳුනන්නේ 1 සහ 0 පමණයි. හරියටම කිවුවොත් අදාල අවස්ථාවේදී පරිගණකයේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක තම...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

Variables සහ Data Types (3 කොටස)

Variables සහ Data Types පාඩමේ ඉතිරි කොටස අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.  Variables සහ Data Types 2වන කොටස අවසන් කළේ data types භාවිතයේදී ඇති වන error කිහිපයකින්. අද අපි බලමු ඒ errors ඇති වන ආකාරය සහ ඒවා වලක්වා ගන්නා විදිය. මේ code එක compile කරලා බලන්න. class A { public static void main(String[] args) { byte b = 200; System.out.println(b); } } compile කරන විට පහත දැක්වෙන ආකාරයේ error එකක් ඒවි. හොඳින් බලන්න error එකේ කියල තියෙන්නේ මොකක්ද කියලා.  " A.java:3: error: possible loss of precision " කියලයි error  එක තියෙන්නේ. මේ කියන්නේ, A.java කියන ෆයිල් එකේ 3වන පේලියේ  possible loss of precision කියන   error එකක් තිබෙනවා කියලයි. ඊට යටින් ඒ error  එක ඇති වුන තැන පෙන්වනවා. ඊළඟ පේළියෙන්  අදාල error එක පිලිබඳ තවත් තොරතුරක් ලබා දෙනවා. required: byte - අවශ්‍ය කරන්නේ byte වර්ගයේ දත්තයක්. found:    int - හමුවූයේ int වර්ගයේ දත්තයක්. මේ error report එක තුල error එක ඇති වෙන්න හේතුව පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. Java ඉගෙන ...