Skip to main content

Posts

මීට කලින් මේ පෝස්ට් එක දාන්න තිබුනේ.... :D

මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුනේ අපේ fb page එකට කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරක් විදියට.  "ජාව වලින් අපිට මොනවද කරන්න පුලුවන් ? website development, software engineer, android application මේව මොනවද ? ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ? job market ඒක කොහොමද ? ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?" Q: ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්? A: ජාවා කියන්නේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. java සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබනවා. මේ ලක්ෂණ නිසා java භාශාව යොදාගෙන සාමාන්‍ය පරිගණක සඳහා මෙන්ම, වෙබ් පිටු සහ ජංගම උපකරණ (mobile phones, tab) සඳහාද මෘදුකාංග නිපදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ නිපදවන මෘදුකාංග එකිනෙකට වෙනස් පරිගණක මෙගෙයුම් පද්ධති වලත් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. Java භාශාව ගැන ගැඹුරට ඉගෙන ගන්න තරමට එයින් කල හැකි දේවල් වල පරාසය වැඩි වෙනවා. නමුත් මේ දේවල් කරන්න java ගැන දැනුම විතරක්ම ලබාගෙන මදි. Q: website development, software engineer, android application මේව මොනවද ? A: Website development කියන්නේ අන්තර්ජාලයේ අපිට දකින්නට ලැබෙන වෙබ් පිටු...

Variables සහ Data Types ( 1 කොටස )

ඔන්න පොරොන්දු වුනා වගේම Data Types ගැන පාඩම අද ඉදිරිපත් කරනවා. Data types කියන්නේ මොනවද කියල විස්තර කරන්න කලින් මෙන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා බලන්න. මේ code එක Notepad එකට copy කරලා, මම කියල දුන්නු විදියට cmd එකෙන් compile කරලා run කරලා බලන්න. class Test{ public static void main(String args[]){   byte b = 10; short s = 20;   int i = 30; long l = 40;   double d = 34.5;   float f = 55.456f;   char c = 'x';   boolean bool = true;   System.out.println(b);   System.out.println(s);   System.out.println(i);   System.out.println(l);   System.out.println(d);   System.out.println(f);   System.out.println(c);   System.out.println(bool); } } මේ code එක run කලාම පහත දැක්වෙන විදියේ ප්‍රතිපලයක් ලැබේවි. වැඩසටහනේ අන්තිම පේලි...

JVM (Java Virtual Machine) ගැන මූලික අවබෝධයක්

ටික දවසකට පස්සේ ඔන්‍න‍ තවත් පාඩමක් අරන් ආවා. :) කලින් පාඩම අවසානයේදී මං කිවුව වගේම ජාවා වැඩසටහනක් පරිගණකයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නයි මේ සූදානම. මං හිතනවා මේ හැමෝම Operating System, එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන දේ දන්නවා කියල... උදාහරණයක් විදියට, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Mac OSX, Ubuntu, Solaris, Android වගේ නම් වලින් අපි අහල දැනගෙන තියෙන්නේ මෙහෙයුම් පද්ධති කිහිපයක්. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් පරිගනකයකදී ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ වගේමයි ඒවා තුල ක්‍රියාත්මක කල හැකි මෘදුකාංගත් එකිනෙකට වෙනස්. මේ නිසාම බොහොමයක් මෘදුකාංග නිපදවන්නන්ට සිදු වෙලා තියෙනවා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට සරිලන විදියට එකම මෘදුකාංගය වෙන වෙනම කේත කරන්නට. නමුත් ජාවා පරිගණක භාෂාව භාවිතයෙන් නිපදවන මෘදුකාංග වලට මේ ගැටළුව උත්ගත වෙන්නේ නැහැ! ජාවා මේ තරම් විශේෂ වෙන්න මේකත් එක් හේතුවක්. මුල් පාඩම් වලදී මං සඳහන් කල විදියට, පරිගණකයක් හඳුනන්නේ 1 සහ 0 පමණයි. හරියටම කිවුවොත් අදාල අවස්ථාවේදී පරිගණකයේ පරිපථ හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක තම...

ජාවා line by line...

කලින් පාඩමේ මම කිවුව වගේ ජාවා භාශාවේ ඊටම අනන්‍ය වූ වචන කිහිපයක් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ keywords කියලා. පහළින් දැක්වෙන්නේ ජාවා වලදී භාවිතා කරන සියලුම keywords ටිකයි. ඒ එක එක keyword වලින් සිදු වෙන්නේ මොනවද කියලා ඉදිරි පාඩම් වලදී කියලා දෙන්නම්. abstract continue for new switch assert default goto package synchronized boolean do if private this break double implements protected throw byte else import public throws case enum instanceof return transient catch extends int short try char final interface static void class finally long strictfp volatile const float native super while අපි මේ වෙනකොට නිර්මාණය කරපු වැඩසටහනේදී නොදැනුවත්ව වුනත් මේ keywords වලින් 4ක් යොදාගෙන තිබෙනවා. ඒ, class, public, static, void කියන ඒවයි.  මේ කේතය හොඳින් අධ්‍යනය කරපු අයට කිසියම් විශේෂතා කිහිපයක් දකින්න ලැබෙන්න ඇති. මං එ මොනවද කියන එක එකින් එක විස්තර කරන්නම්.  මුලින්ම අපි ටයිප් කරපු code එක බලමු.  class MyFirstJavaProgramme{ public static void main(String args[]){ ...

මුල්ම ජාවා වැඩසටහන

කලින් පාඩමේදී අපි NetBeans install කර ගත්ත. ඒත් දැන්ම NetBeans වලින් වැඩ කරන්න මගේ අදහසක් නෑ. මොකද NetBeans tool එක ජාවා වල හරය ඉගෙන ගන්න ඒ තරම් උපකාරී වෙන්නේ නැති නිසා. තව ටික දවසකින් ඇයි මෙහෙම කිවුවේ කියලා ඔයාලටම තේරුම් යාවි. දැන් අපි අපේ මුල්ම ජාවා වැඩසටහන හදන්න පටන් ගමු. මේකට අපිට ඕන වෙනවා විශේෂ tool එකක් ;) බය වෙන්න එපා. Windows install කරනකොටම මේ tool එකත් අපේ පරිගණකයේ  install වෙනවා. ඒ Notepad එක. Notepad එක තියෙන තැන දන්නේ නැති අය Start --> All Programs --> Accessories --> Notepad කියන path එකෙන් ගිහින් නෝට් පෑඩ් එක open කර ගන්න. මේ තියෙන්නේ Notepad එක අපේ ජාවා වැඩසටහන නිර්මාණය කරන්න යන්නේ නෝට්පෑඩ් එක හරහා. ඒ නිසා මුලින්ම, නෝට්පෑඩ් එකේ File --> Save හරහා ගිහින් අපේ වැඩසටහන Save කර ගමු. හැබැයි ඒකත් මෙන්න මේ විදියටම කරන්න ඕනි. මෙන්න මේ විදියට Save dialog box එකේ වෙනස් වීම් සිද්ද වෙන්න ඕන. ඔයාගේ Desktop එකේ Java කියලා folder එකක් හදා ගන්න. දැන් Save dialog box එකෙන් ඒ Java folder එකට යන්න. ඊළඟට File Name කියන තැන filename.java කියලා නම දෙන්න (fil...

දැල් බෝංචි ;) - NetBeans

මුලින්ම මං හැමෝගෙන්ම සමාව ඉල්ලනව ඉක්මනටම ඊළඟ පාඩම ඉදිරිපත් කරන්න බැරි වුන එකට. පොඩි පොඩි වැඩ ගොඩකට හිර වුණු නිසයි මේ තරම් පරක්කු වුනේ. හරි, දැන් පාඩමට යමු..... මං විශ්වාස කරන විදියට ඕනෑම දෙයක් ඉගෙන ගන්න ක්‍රම 2ක් තියෙනවා. thoery පොත් කට පාඩම් කිරීම තනියම අත්හදා බැලීම පලවෙනි ක්‍රමය ලේසියි. ඒත් ඉගෙන ගන්න පුළුවන් තවත් කෙනෙක් පොත් ලියනකන්, වෙබ් පෝස්ට් දානකන් විතරයි. ඒත් දෙවෙනි ක්‍රමයේදී එහෙම සීමාවක් නෑ. නමුත් දෙවෙනි ක්‍රමය ගොඩාක් අමාරුයි. සමහර විට කරන හැමදේම අත ඇරලා දාන්නත් හිතෙන වෙලාවල් එනවා. ඒත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉවසල ඉස්සරහටම ගියොත් ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි තනියම අත්හදා බැලීම් කරමින් ඉගෙන ගැනීම. ජාවා වලදීත් මේ දේ මේ විදියටම බලපානවා. (අත්දැකීමෙන් කියන්නෙ) ඔයාලටත් ලේසියෙන්ම ජාවා භාෂාව තනියම ඉගෙන ගන්න පුළුවන් tool  එකක් ගැනයි අද මං කියලා දෙන්න යන්නේ. (ජාවා විතරක් නෙමෙයි. තවත් පරිගනක ක්‍රමලේඛ භාෂා ගණනාවක්ම මේ tool එකෙන් හසුරුවන්න පුළුවන්) මෙතනින්   NetBeans 7.4 Java SE edition එක බාගන්න. Download NetBeans IDE 7.4 NetBeans download වුනාට ප...

පළමු පාඩම (ජාවා ගැන හැඳින්වීමක්)

ජාවා පරිගනක භාශාවේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ජාවා පරිගනක භාෂාවෙන් ලියන ඕනෑම වැඩසටහනක් ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරවන්න හැකි වීම. අනිත් කාරණය තමයි ජාවා භාශාව ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම ලැබීම. ජාවා සමග භාහිරව පාවිච්චි කරන්න ලැබෙන තව ගොඩාක් ටූල්ස් පවා නොමිලේම ලබා ගන්න පුළුවන් අපිට. ජාවා භාශාවේ නිර්මාතෘ, ජේම්ස් ගොස්ලින් කියන පරිගනක විද්‍යාඥයා. මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Microsystems කියන ආයතනයට. නමුත් දැන් ජාවා අයිති Oracle කියන ආයතනයට. ජාවා භාශාව සම්බන්ධයෙන් සියලු කටයුතු කෙරෙන්නේ මේ ආයතනයෙන්. දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්න පටන් ගන්නේ කියල. මේකට අපිට ඕන වෙනවා Java Development Kit එක. දැනට තියෙන අලුත්ම JDK සංස්කරණය JDK 7 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් බලමු ජාවා ඉන්ස්ටෝල් කරන හැටි(Windows මෙහෙයුම් පද්ධති වල)... ඩවුන්ලෝඩ් කරගත් Setup File එක(jdk-7u45-windows-i586.exe හෝ jdk-7u45-windows-x64.exe) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න. jdk7 install වුනාට පස්සේ අපිට ජාවා වලින් වැඩ පටන් ගන්නනම් තව පොඩි වැඩ ටිකක් තියෙ...